සාදිලිංගම් - පොළවෙන් ලබා ගන්නා ඖෂධ  

Posted by sanjeew in




සාදිලිංගම්- පොළවෙන් ලබා ගන්නා ඖෂධ. මෙය ඛනිජයක් වන අතර විශ සහිතය. රසදිය සංයෝගයක් වන බැවින් අධික බරකින් යුක්තය. පුපුරන ද්‍රව්‍ය ගණයට අයත් වන බැවින් ලංකාවේ මාර්ගවල ප්‍රවාහනය සදහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් අවසර ලබා ගත යුතුය.විශ නැසීම (ශෝධනය ) කිරීමකින් පසුව ආයුර්වේදයේ ඇති රස ඖෂධ නිෂ්පාදනය සදහා යොදා ගනී. මෙය ඉංග්‍රිසියෙන් Cinnabar ලෙස හදුන්වනු ලබන අතර විද්‍යාත්මකව mercury(II) sulfide ලෙස හදුන්වනු ලැබේ.

6 comments

Thank you very much posting these kind of things which we cannot see in our day today life....Thanks again

අනේ රස ඖෂද කියන්නේ මොනාටද කියලා කියා දෙනවද?

හම්මේ රසදිය වල බර ගැන කියද්දි මතක් වුණේ පාසලේ විද්‍යාගාරෙ පුංචි රසදිය බෝතලේ බර. සයිස් එක ව‍ගේ නෙවෙයි බර!

ලංකාවෙ මේ ඛණිජය තියෙනවද හොයාගන්න?

ඔවාගේන් බොමිබ එහෙම හදන්න පුලුවන්ද?

බෝම්බ හදන්න පුළුවන්ද නම් දන්නෙ නෑ, හැබැයි පුපුරණ ද්‍රව‍ය පනත යටතේ ආනයනය, ප්‍රවාහනය හා භාවිතය සදහා අවසර ලබාගත යුතුයි

ලංකාවෙන්නම් සොයා ගන්න අපහසුයි. ඉන්දියාව, පාකිස්ථානය, චීනය යන රටවල ඇත

ආයුර්වේද ඖෂධ අරිෂ්ඨ, ආසව, කල්ක, චූර්ණ (කුඩු ), රස ආදී වශයෙන් වර්ග ගණනාවකට බෙදෙන අතර, රස ඖෂධ මෙයින් එක් වර්ගයකි. පොළවෙන් ලබා ගන්නා (විශහරනය කල) ඛනිජ ද්‍රව්‍ය සහ විශහරනය කල රත්‍රන්, රිදී, යකඩ, රසදිය, ඊයම් ආදී ලෝහ වර්ග මෙම ඖෂධ වල මූලික අමුද්‍රව්‍ය වේ.

Post a Comment