බදුල්ල ප්‍රදේශයේ ඇති මැදිරිය වේල්ල  

Posted by sanjeew in


මෙම දිනවල ජලය අඩු අතර වර්ෂා කාලයේදී මෙයට වඩා දර්ශණීයත්වයෙන් යුක්තය

චෙරි තක්කාලි  

Posted by sanjeew in


තක්කාලි පවුලේ ශාකයක් වන අතර, පොකුරු වශයෙන් ගෙඩි හට ගනී, තක්කාලි වලට ආදේශකයක් ලෙස යොදාගත හැක

කුංකුමප්පු -  

Posted by sanjeew in



මෙය ආයුර්වේද ඔෂධ නිෂ්පාදනය සදහා භාවිතා කරන අමුද්‍රව්‍යකි. ලංකාවේ වගා නොකරන අතර ආනයනය කරනු ලැබේ. මෙය කුළු බඩු ගණයට වැටෙන මිළ අධික අමුද්‍රව්‍යක් ලෙස නම් දරයි. ආහාර පිසීමේදී ඉන්දියානුවන් මෙය බහුලව භාවිතා කරන අතර කිරි සමග පානය කිරීමෙන් පැහැපත් සමක් ලබාගත හැකිබව ඔවුන්ගේ විශ්වාසයයි. තරු පන්තියේ ආපන ශාලා වල ආහාර පිසීම සදහා භාවිතා කරන අතර සමහරු ආදේශකයක් ලෙස කහ භාවිතා කරයි.නමුත් කහ භාවිතයෙන් ලැබෙන්නේ පැහැය පමණි. මෙය ඉතාමත් අලංකාර දම් පැහැති මලක රේණු වන අතර එක මලක මෙම රේණු 3 ක් පමණ හට ගනී. මෙම ශාකය උද්භිද විද්‍යාත්මකව Iridaceae කුලයට අයත්ය. Crocus sativus (L) ලෙස හැදින් වෙන අතර ඉංග්‍රිසියෙන් Saffron ලෙස හැදින්වේ. විවිධ වර්ග වල (Grade) කුංකුමප්පු ඇති අතර ආයුර්වෙද නිෂ්පාදන සදහා යොදා ගන්නා හොදම වර්ගයේ කුංකුමප්පු කිලෝවක් (1kg) රුපියල් ලක්ෂ තුනක් (3000,000/=) පමණ මිළවේ.

එඩිසන් බංගලාව  

Posted by sanjeew in




මේම බංගලාව පිහිටල තියෙන්නෙ කොළඹ බදුල්ල පාරෙ, හපුතලේ නගරයෙන් හැරිල යන්න ඕන, වාහනයක යනවනම් ලේසියි, මෙය නිමකරන්නට අවශ්‍ය කරන සියළුම අමුද්‍රව්‍ය ගෙනෙල්ල තියෙන්නෙ පිටරටින් කියල කිව්ව. 1931 තමයි ඉවර කරල තියෙන්නෙ. ලස්සන තැනක් දැනට ක්‍රිස්තියානි අයගේ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරනව
ඔබ හරි,ඒ කාලයෙත් මේකට විදුලිය තිබිල තියෙනව( විදුලි ජනකයක් මගින්), ස්නානය සදහා උනුවතුර හදාගෙන තියෙනව ස්භාවික විදියට, ඇතුලත සීතල නැති කරන්න දර දහනය සදහා අවශ්‍ය වාතය ලබාගෙන ඇත්තෙ ඉහලින් පෙනෙන්නට ඇති කවුළු වලින් කියල කිව්ව

එලකිරි  

Posted by sanjeew in


උදේට බොන්න හොදයි

- ගත්තෙ Phone කැමරාවෙන්, ටිකක් පැහැදිලි මදි ඇති

තක්කාලි අමුවෙන්  

Posted by sanjeew in


මම පැලකරපු තක්කාලි ගස්වල ගෙඩි, දකිනකොට හරිම ආසයි හරිම

කම්මැලි, ඒකාකරී බව නැති කරන්න  

Posted by sanjeew in

මේ බ්ලොග් සයිට් එක බලන අය ඒක බලල එහි හොද හෝ නරක ගැන විස්තරයක් (comment) දානවන්ම් තමයි හොද, එතකොට කම්මැලි නැතිව තවත් බ්ලොග් එකතු කරන්න හිතෙනව, නැත්තම් කම්මැලියි

වනගත ආලය  

Posted by sanjeew in


සීගිරි ලඳක්  

Posted by sanjeew in


සල් මල් ගස  

Posted by sanjeew in


ගැහැණු දෙදෙනෙක් (පෙර ) සහ (පසු )  

Posted by sanjeew in